නව සහකාර තක්සේරු නිලධාරීන් 99 දෙනෙකුට පත්වීම්
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ පැවති සියලු සහකාර තක්සේරුකරු පුරප්පාඩු සම්පූර්ණ කරමින් නව සහකාර තක්සේරු නිලධාරීන් 99 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීම කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්රධානත්වයෙන් අද (16) පෙරවරුවේ සිදු කෙරිණි.
