බැසිල් රාජපක්ෂට වරෙන්තු: ජාත්යන්තර රතු නිවේදනයක් නිකුත් කිරීමටත් පියවර
ආර්ථික සංවර්ධන හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද (ඔක්: 14) වරෙන්තුවක් නිකුත් කිරීමට නියෝග කළේ ය. ඒ අනුව සැකකරුට එරෙහිව ජාත්යන්තර රතු නිවේදනයක් ලබා ගැනීම සඳහා එම වරෙන්තුව සිංහල සහ ඉංග්රීසි භාෂාවලින් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් එම නියෝගයේ සඳහන් විය.
