2 sources
යුද හමුදා මැදිහත්වීමෙන් මහගිරිදඹ මාවත ප්‍රතිසංස්කරණය කෙරේ - ශ්‍රී පාද වන්දනාව යළි ඇරඹෙයි
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් හැටන් - ශ්‍රී පාද මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශය යුද හමුදාව විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර අවසන් කර තිබෙන බවට වාර්තා වනවා. ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්ගේ ඉල්ලීමකට අනුවයි යුද හමුදා භට පිරිස් විසින් එම මාර්ගය මෙලෙස යථා තත්ත්වයට පත් කළ ඇත්තේ. වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එහි නවීන ආරක්ෂිත වැටක් ද ඉදිකර [...]
