පොලීසිය පැවසුවේ දින 19 ක් වයසැති එම බිළිදා රුපියල් ලක්ෂයක මුදලකට, පාලවිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කර ඇති බවයි.ඒ අනුව බිළිදාගේ මව, මවගේ සහෝදරයා, දරුවා රැගෙන ගිය වෑන් රථයේ රියැදුරු සහ මිලදී ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.බිළිඳා මේ වන විට පුත්තලම රෝහලේ නොමේරු ළදරු ඒකකයට ඇතුළත් කළ බව පොලීසිය ප්‍රකාශ කළේය.අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණයට අද (26) ඉදිරිපත් කිරීමට නියමිතයි.
මිලදී ගන්නා බිළිදාව රැගෙන ඒම සදහා ගිය බව කියන වෑන් රථයෙක්ද පොලිස් බාරයට ගත් බව පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගෙන ඇති පිරිස් අතර, බිළිදාගේ මව, ඇයගේ වැඩිමහල් සහෝදරයෙක්, ඔහුගේ බිරිද, බිළිදා මිලදී ගැනීමට සුදානම් වූ අඹු - සැමි යුවලක් සහ පොලිස් බාරයට ගෙන ඇති වෑන් රථයේ රියදුරුද වන බව පොලිසිය පවසනවා. බිළිදා මිලදී ගැනීමට සුදානම් වූ අඹු - සැමි යුවල කල්පිටිය - මාම්පූරිය පදිංචිකරුවන් බවත් පොලීසිය පවසනවා.
Summarised from Dasatha Lanka News
Organisations- පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය
- පුත්තලම අධිකරණය
- කටු
Keywords- අත්අඩංගුවට2
- බිළිදාගේ
- බිළිදෙක්
- බිළිදෙකු
- රුපියල්
- නොමේරු
- බිළිඳා
- මුදලකට
- ලක්ෂයක
- වයසැති
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage