කොළඹ දකුණ පිට පිට තෙවැනි ජයත් ලබයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රීමා වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ලීග් තරගාවලියේ අද (23) නිමා වූ තරගවල දී මහනුවර කණ්ඩායම සහ කොළඹ දකුණ කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරිමට සමත් වුණා. ඒ අතුරින් කොළඹ දකුණ ක්‍රීඩකයෝ අද ලබා ගත්තේ පිට පිට ලැබූ තෙවැනි ජයග්‍රහණයයි.
