ශ්‍රී ලංකා සහ ඉන්දීය ජාතික ශිෂ්‍යභට බලකා අතර සහයෝගිතාවට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාවේ ජාතික ශිෂ්‍යභට බලකාය සහ ඉන්දියාවේ ජාතික ශිෂ්‍යභට බලකාය අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාවේ ජාතික ශිෂ්‍යභට බලකාය සහ ඉන්දියාවේ ජාතික ශිෂ්‍යභට බලකාය අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දෙරටේ ශිෂ්‍යභට බලකා අතර දැනට ක්‍රියාත්මක තරුණ හුවමාරු වැඩසටහන් මඟින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට දායකත්වයක් ලැබෙන බව අමාත්‍ය මණ්ඩල තීරණයේ සඳහන් වේ. එම සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යෝජිත අවබෝධතා ගිවිසුම යටතේ දෙරටේ ශිෂ්‍යභට බලකා සාමාජිකයන් අතර හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, ඒකාබද්ධ විශේෂිත පුහුණු සහ නායකත්ව වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කෙරේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage