සමාජ මාධ්‍ය හරහා වෛරී ප්‍රකාශ මුදාහැරීමක් නිරීක්ෂණය වී තිබෙනවා..
දෙස් විදෙස් මට්ටමින් පවත්වාගෙන යන ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් හරහා වෛරී ප්‍රකාශ මුදාහැරීමේ ක්‍රියාවලියක් නිරීක්ෂණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. විවිධ ජාතීන්ට අයත් පුද්ගලයන්ගේ නමින් පෙනී සිටිමින් ව්‍යාජ ලෙස සකස් කළ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙලෙස වෛරී සහ
