දියණියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පාවහන් නොමැතිව දිවූ ඉන්දීය මවගේ කතාව සමාජ මාධ්‍ය කළඹයි
දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් සොයා ගැනීමට පාවහන් පවා නොමැතිව ධාවන තරගයකට එක්ව ජයගත් 47 හැවිරිදි ඉන්දීය මවකගේ කතාව මේ වනවි
දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් සොයා ගැනීමට පාවහන් පවා නොමැතිව ධාවන තරගයකට එක්ව ජයගත් 47 හැවිරිදි ඉන්දීය මවකගේ කතාව මේ වනවි
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බීඩ් දිස්ත්‍රික්කයේ පදිංචි රාමාබායි රන්වීර් පසුගිය අගෝස්තු මාසයේදී කිලෝමීටර් 3ක ධාවන තරගයකට සහභාගි වී තිබුණේ, තම දියණියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා තරගයේ ත්‍යාග මුදල ලබාගැනීමේ අරමුණින්. කිසිදු පුහුණුවක් නොමැතිව තරගයට එක්වූ ඇය, පාවහන් පැළඳගෙන ධාවනය කිරීමට අපහසු වූ බැවින් ඒවා ඉවත් කර සාරියද සකස් කරගෙන පාවහන් නොමැතිව දිව ගොස් තරගයේ කාන්තා අවුරුදු 30-60 කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගෙන තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage