2 sources
උපකාරක පන්ති යන සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකිණූ 23 හැවිරිදි ආපනශාලා හිමිකරු මාට්ටු
නාවලපිටිය තැපැල් කාර්යාලය අසල නවීන පන්නයේ ආපනශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් උපකාරක පන්ති පැමිණෙන බාලවයස්කාර දරුවන් ඉලක්ක කර ගනිමින් හෂීස් මත්ද්‍රව්‍ය අලෙවි කළ 23 හැවිරිදි ජාවාරම්කරුවෙකු නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
