4 sources
එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුව නාමල්ව නම් කරයි
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන මුදල් විශුද්ධිකරණ පරීක්ෂණයකට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
