ඥාති අවමංගල්‍යයට ගිය මවටයි සරසවි පුතුටයි අත්වූ ඛේදනීය ඉරණම
අනුරාධපුර, මරදන්කඩවල නගරයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් එකම පවුලේ මව සහ ඇගේ සරසවි පුතු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනුරාධපුර, මරදන්කඩවල නගරයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් එකම පවුලේ මව සහ ඇගේ සරසවි පුතු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරදන්කඩවල දෙස සිට කැකිරාව දෙසට එකම දිශාවට ධාවනය වූ යතුරුපැදිය සහ ලොරිරථය ගමන් කර ඇති අතර, ලොරිරථය එකවරම දකුණට හැරවීමට යාමේදී මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ මව සහ පුතු වහාම මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහල්ගත කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාම මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage