රෝගීන් 15ක් ඝාතනය කළ වෛද්‍යවරයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
සිය භාරයේ සිටි අසාධ්‍ය රෝගීන් 15 දෙනෙකු ඝාතනය කිරීමේ වරදකරු වූ 41 හැවිරිදි ජර්මානු ජාතික සහන සේවා වෛද්‍යවරයෙකුට එරට අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
සිය භාරයේ සිටි අසාධ්‍ය රෝගීන් 15 දෙනෙකු ඝාතනය කිරීමේ වරදකරු වූ 41 හැවිරිදි ජර්මානු ජාතික සහන සේවා වෛද්‍යවරයෙකුට එරට අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
වෛද්‍යවරයා රෝගීන්ගේ නිවෙස් වෙත ගොස්, ඔවුන්ගේ කිසිදු කැමැත්තකින් තොරව මාරාන්තික ඖෂධ සංයෝග ශරීරගත කර මෙම ඝාතන සිදුකර තිබේ. වසරක් පුරා ඇදී ගිය නඩු විභාගයේදී නිහඬව සිටි වෛද්‍යවරයා, පසුගිය මාසයේදී රෝගීන් 12 දෙනෙකු මැරූ බවට පාපොච්චාරණය කළේය."මම හිතුවේ මම කරන්නේ නිවැරදි දේ කියලා. ඔවුන්ව රෝග පීඩාවලින් සහ දුක්විඳීමෙන් මුදවා ගැනීම හැමෝටම හොඳම දේ කියලා මම මාවම රවටා ගත්තා," යැයි ඔහු අධිකරණය හමුවේ පවසා සිටියේය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage