යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහිව ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් 28ට කල් යයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 28 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය දින නියම කළා. මෙම නඩුව අද (31) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ [...]