4 sourcesUpdated
නව චීන තානාපති සහ ටිල්වින් අතර හමුවක්
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර විශේෂ හමුවක් ඊයේ (31) පස්වරුවේ පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
Summary
ශ්‍රී ලංකාවේදී තමන්ට කිසිදු ආගන්තුක බවක් නොදැනුණු බවත් සිය ධුර කාලය තුළ දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවත් මෙහිදී පවසා ඇත. චීනය වෙනත් රටවල් සමඟ කටයුතු කරන්නේ අදාළ රටවල ස්වෛරීත්වයට ගරු කරමින් සහ අන්‍යෝන්‍ය සංවර්ධනය අපේක්ෂාවෙන් බව තානාපති පෙන්වා දී ඇත.


