2 sourcesUpdated
මියගියැයි කී සාරා ජස්මින් ජීවතුන් අතර - ඇමති ආනන්ද හෙලි කරයි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් නමැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍යතාවයක් මතු වුවහොත් අනාගතයේදී වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද…
Summary
ඇය මියගොස් නොමැති බවට විමර්ශන අංශ වෙත යම් යම් තොරතුරු ලැබී ඇතත්, ඇය මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින බවට කිසිදු නිශ්චිත තොරතුරක් ලැබී නොමැති බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. විමර්ශන කටයුතු ආරක්ෂා කරගැනීම සඳහා ඇතැම් කරුණු මේ මොහොතේ හෙළි කිරීමට සූදානම් නැති බව පැවසූ අමාත්‍යවරයා, අවශ්‍ය මොහොතක අදාළ වරෙන්තුව ලබා ගැනීමට කටයුතු කරන බව වැඩිදුරටත් කියා සිටියේය.

