සිවරාජා අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික හා නීතිමය මැදිහත්වීම් සිදුකරනවා – අමාත්‍ය නලින්ද ජයතිස්ස
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාජා අනෝජන් මහතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය රාජ්‍ය තාන්ත්‍රික හා නීතිමය මැදිහත්වීම් සිදුකරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
