Trending3 sourcesUpdated
පුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද් පළතුරු විකුණන තරුණයෙකුට මහමගදී පහරදී පැනගිහින් !
ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම නගරසභාවේ නගරාධිපති රින්සාද් අහමඩ් විසින් මහමගදී තරුණයෙකුට පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වේ. පුත්තලම නගරයේ ඉල්ලඩිය පල්ලිය ආසන්නයේ මාර්ගය අයිනේ පළතුරු වෙළඳාමේ නිරතව සිටි තරුණයකුට නගරාධිපතිවරයා විසින් මෙසේ පහරදී ඇත.
Summary
පුත්තලම නගරයේ ඉල්ලඩිය පල්ලිය ආසන්නයේ මාර්ගය අයිනේ පළතුරු වෙළඳාමේ නිරතව සිටි තරුණයකුට නගරාධිපතිවරයා විසින් මෙසේ පහරදී ඇත. පහරදීමෙන් අනතුරුව තත්වය උණුසුම් වෙද්දී නගරාධිපතිවරයා තමන් පැමිණි කැබ් රථයෙන් පළාගොස් ඇති අතර පහරකෑමට ලක්වූ තරුණයා එම කැබ් රථයට ගල් ප්රහාරයක් එල්ල කර ඇති බවත් සඳහන්. කෙසේවෙතත් මේ වනවිට පහරකෑමට ලක්වූ තරුණයා පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.


