2 sourcesUpdated
ඇමති බිමල් ICAPP මාධ්‍ය සංසදයේ සම සභාපතිත්වයට
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, ප්රරවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුවේ මාධ්‍ය සංසදයේ සම සභාපතිවරයා වශයෙන් පත්වී තිබෙනවා.
Summary
ඉදිරි වසර දෙකක කාලයක් ICAPP Media Forum හි සම සභාපතිත්වයට බිමල් රත්නායක අමාත්‍යවරයා සමග ආචාර්ය සියෝ ජි-යන්ග් මිය තේරී පත්වුණා. ICAPP 13 වෙනි සැසිවාරය පසුගිය (04) වෙනිදා සිට අද (07) දින දක්වා රටවල් 36ක දේශපාලන පක්ෂ 83ක නියෝජිතයින්ගේ සභාගිත්වයෙන් දකුණු කොරියාවේ සෝල් අගනුවරදී පැවැත්වෙනවා. අමාත්‍ය බිමල් රත්නායක ICAPP හි මෙහෙයුම් කමිටු සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරනු ලබනවා.

