Trending3 sourcesUpdated
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්
ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන පද්ධතිය නවීකරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය ආධාරයක් ලබා ගැනීමට අදාළ ගිවිසුමට අද (06) කොළඹ මහ භාණ්ඩාගාර පරිශ්‍රයේදී අත්සන් තැබුණා. මෙම ණය ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ [...]
Summary
2027 සිට 2031 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන මඟින් ද්විතීයික අධ්‍යාපන මට්ටමේ නිපුණතා මාර්ග ශක්තිමත් කිරීම, රැකියා වෙළෙඳපොළට ගැළපෙන ගුණාත්මක වෘත්තීය පුහුණුව පුළුල් කිරීම සහ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයේ කර්මාන්ත හා පෞද්ගලික අංශයේ දායකත්වය ඉහළ නැංවීම අපේක්ෂා කෙරෙනවා.


