2 sourcesUpdated
නාගදීප රජ මහා විහාරයේ වාර්ෂික කඨින පින්කමට නාවික හමුදාවේ දායකත්වය
යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්ය මහෝත්සවය ශ්රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ඔක්තෝබර් 27 සහ 28 යන දෙදින සාර්ථකව පැවැත්විණි.
Summary
නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති, උතුරු ලංකාවේ ප්රධාන සංඝනායක අතිපූජ්ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පුණ්ය මහෝත්සවය සංවිධානය කෙරිණි. එහිදී නයිනතිව් නාවික අනුඛණ්ඩයේ සිට කඨින චීවරය විචිත්රවත් පෙරහරකින් නයිනතිව් දූපත වටා වැඩම කරවනු ලැබීය. අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානමය පින්කම සහ පිරිකර පූජාව පැවැත්විණි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
