2 sourcesUpdated
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ පුද්ගලික ආරක්ෂකයාට ඇප
නීතිඥවරියකට තර්ජනය කළා යැයි කියන සිද්ධියකට අදාළව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ කඩුවෙල නගරාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂකයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල අතිරේක මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අද (27) නියෝග කරනු ලැබුවා. කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ පුද්ගලික ආරක්ෂක ජී. ඩබ්ලිව්. ජයවර්ධන නමැත්තා මෙලෙස ඇප මත මුදා හැරිමටයි අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
What this story is about
Organisations
Places
