2 sourcesUpdated
නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ජයක්...
ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියක ශ්‍රී ලංකා කණ්ඩායම, නවසීලන්තය පරාජය කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ තරගයක් වූ මෙය එංගලන්තයේ සවුතැම්ප්ටන්හිදි පැවැත්විණ.එහි පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය වෙනුවෙන් නායක මේලි කර් සහ සොෆී ඩිවයින් ලකුණු 45 බැගින් රැස් කළේ ය. කවීෂා දිල්හාරි කඩුලු 2කි.පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැසකරගත් ලකුණු සංඛ්‍යාව 150කි.ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ ලකුණු 45කදී ය.නායක චමරි අතපත්තු ලකුණු 27කි.විශ්මි ගුණරත්න සහ කවීෂා දිල්හාරි ලකුණු 17 බැගින් රැස් කළේ ය.6 වැනි කඩුල්ලට පිටියේ එක්වූ නිලක්ෂිකා සිල්වා සහ කෞෂිණි නුත්‍යාංගනා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 54කි.කෞෂිණි නුත්‍යාංගනා නොදැවී ලකුණු 24ක් රැස් කළේ ය.ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 151ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19යි පන්දු4 ක් තුළ කඩුලු 5ක් දැවී සිටියදී ය.
Full coverage
News First - සිංහලනවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ජයක්...
-618393.jpg&w=640&q=75)
ThePapare SinhalaWATCH - නවසීලන්තය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ඉදිරිය කෙබඳු ද? - #NZvSL Cricketry

ThePapare SinhalaWATCH - "ලොකු pressure එකක් තිබුණා, ඒත් අපි බය නැතුව සෙල්ලම් කළා" - නිලක්ෂිකා සිල්වා #NZvSL

ThePapare SinhalaWATCH - "කලින් තරගයේ සිදුවුණු අඩුපාඩු හදාගෙන අද තරගයට මුහුණදෙනවා" - හසිනි පෙරේරා #NZvSL

ThePapare SinhalaWATCH - පළමු තරගය පරාජය වූ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තීරණාත්මක හමුව - #NZvSL Cricketry

Summary
තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ තරගයක් වූ මෙය එංගලන්තයේ සවුතැම්ප්ටන්හිදි පැවැත්විණ. විශ්මි ගුණරත්න සහ කවීෂා දිල්හාරි ලකුණු 17 බැගින් රැස් කළේ ය.6 වැනි කඩුල්ලට පිටියේ එක්වූ නිලක්ෂිකා සිල්වා සහ කෞෂිණි නුත්‍යාංගනා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 151ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19යි පන්දු4 ක් තුළ කඩුලු 5ක් දැවී සිටියදී ය.
More on Rex Clementine
Other stories that mention them, newest first.