2 sourcesUpdated
බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි අටමස්තානයට සම කරන්න තැනක් ලෝකෙ තියෙයිද.. - ඇමති සෙනෙවි
බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි අනුරාධපුර අටමස්ථානය යනු සමස්ත ලෝකයටම අසමසම වූ ඓතිහාසික පූජනීය භූමියක් බවත්, එවන් උතුම් පුදබිමකට සම කළ හැකි වෙනත් කිසිදු ස්ථානයක් ලෝකයේ නොමැති බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම…
Summary
කොලොන්නාවේ පැවති උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. අනුරාධපුර පූජා භූමිය සම්බන්ධයෙන් මෑතකාලීනව විවිධ පාර්ශ්වයන් විසින් සමාජගත කරන අසත්‍ය ප්‍රකාශ දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, රුවන්වැලි මහා සෑය වටා වැටවල් ඉදිකරන බවටත්, රාම කෝවිල් ඉදිකිරීමට යන බවටත් සහ මල් ආසන ගලවා ඉවත් කරන බවටත් ඇතැමුන් පතුරුවා හරින්නේ සම්පූර්ණ සාහසික මුසාවාද බව පෙන්වා දුන්නේය.

