3 sourcesUpdated
විදෙස් ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව ශක්තිමත් කිරීමට වැඩි අවධානයක්
විදේශ ශ්‍රමිකයන් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේද, ආරක්ෂිත විදේශ රැකියා අවස්ථා සහ ආර්ථික සුරක්ෂිතතාවක් තහවුරු කිරීමේ අවශ්‍යතාව පවතින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කරනවා .
Summary
විදේශ ශ්‍රමිකයන් සඳහා වන සේවා ශක්තිමත් කිරීමේදී ඩිජිටල්කරණයේ වැදගත්කම ද වැඩබලන අමාත්‍යවරයා අවධාරණය කළා . විශේෂයෙන්ම සමාජ ආරක්ෂණය, බඳවා ගැනීම් නියාමනය, පවුල් ආරක්ෂාව සහ නැවත සමාජගත කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ශ්‍රමිකයන් පිටත්වන සහ ගමනාන්ත රටවල් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමයි ඔහු පෙන්වා දුන්නේ .

