- නයිජීරියාවේ රැදී සිටින IS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් ඉලක්ක කරගනිමින් අමෙරිකානු හමුදා ප්‍රහාර දියත් කර තිබේ.සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් තබමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ බව තහවුරු කළේ ය.සිය නායකත්වය යටතේ, රැඩිකල් ආගමික අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් වලට නැගී සිටීමට අමෙරිකාව ඉඩ නොදෙන බවද, ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ IS ත්‍රස්ත සංවිධානය නයිජීරියාවේ ජීවත් වන කිතුණු භක්තිකයින් ඝාතනය කිරීමට එරෙහිව අමෙරිකානු හමුදා ප්‍රහාර දියත් කළ බවය.අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නයිජීරියානු රජය, අමෙරිකානු හමුදාවලට ලබාදුන් සහයෝගයට සිය කෘතඥතාවය පළකරන බවය.
නයිජීරියානු රජයේ විශේෂ ඉල්ලීමකට අනුව, එරට වයඹදිග කලාපයේ ක්‍රියාත්මක අයිසිස් (ISIS) ත්‍රස්තවාදීන් ඉලක්ක කරගනිමින් අමෙරිකානු හමුදාව ප්‍රබල ප්‍රහාරයක් දියත් කර තිබේ. නයිජීරියාවේ වෙසෙන කිතුනු ජනතාව ඉලක්ක කරගනිමින් ත්‍රස්තවාදීන් සිදුකරන දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීම මෙම ප්‍රහාරයේ ප්‍රධාන අරමුණ බව ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේය.
Summarised from Lanka C News
People- ඩොනල්ඩ් ට්‍රම්ප්2
- ට් හෙග්සෙ2
Keywords- ත්‍රස්තවාදීන්
- නයිජීරියාවට
- නයිජීරියාවේ
- ඇමරිකාවෙන්
- භක්තිකයින්
- අමෙරිකානු
- හෙග්සෙත්ද
- ප‍්‍රහාර
- හමුදාවලට
- අයිසිස්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage