2 sourcesUpdated
ශෂි වීරවංශගේ පාස්පෝර්ට් සිද්ධියේ දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව කල් යයි
අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවලට වරදකාරියව වසර දෙකක සිර දඬුවමකට හා රුපියල් ලක්ෂයක දඩ නියම වු රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශට අදාල දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව ලබන 25 වන දින තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද ( 11) නියෝග කළා. සිද්ධියට අදාලව [...]
Summary
සිද්ධියට අදාලව ඉදිරි දිනයක් ලබා දෙන ලෙස විත්තිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් මෙලෙස නියම කර තිබෙනවා. සිය සේවාදායිකාව දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව පෙර නඩු දිනයේ දි විත්තිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියා.

