2 sourcesUpdated
වාහන ගෙනාවේ නැත්නම් දැන් සංචිත බිලියන 9.2යි...- චතුරංග
ශ්‍රී ලංකාව මෙතෙක් කල් ජංගම ගිණුමේ හිඟයක් සහිතව පැමිණි නමුත් මේ වන විට වාහන ආනයනය කිරීමට අවසර ලබාදී තිබියදී පවා එය ධනාත්මක අගයකට හරවා ගැනීමට ආණ්ඩුව සමත්ව සිටින බව නි. අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. "ශ්‍රී ලංකාව වැරදි කළමනාකරණ ක්‍රමවේදයකට යොමුවෙන්නේ නැහැ. එයයි පළමු කාරණාව. දෙවැන්න, අපි මුළු රටම පවත්වාගෙන ගියේ තවත් හිඟයක් එක්ක, ඒ තමයි අපේ ජංගම ගිණුමේ හිඟය.

