2 sourcesUpdated
ගහනවා ගැහිල්ලක් කවුරුහරි මදි නොකියන්න! FBI එකට ගහලා සතියක් ගියේ නෑ! ඒ පාර අමෙරිකාවේ CIA එකටත් සයිබර් ප්‍රහාරයක් දීලා!
අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය හෙවත් CIA ආයතනයේ රහසිගත නොවන තොරතුරු පද්ධතියකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කරනවා.
Summary
කෙසේ වෙතත්, මෙම සයිබර් ප්‍රහාරයෙන් කිසිදු රහසිගත තොරතුරක් අනාවරණ වී නොමැති අතර, මේ වන විට අදාළ ගැටලුව විසඳා ඇති බවයි අනන්‍යතාව හෙළි නොකළ මූලාශ්‍රයක් උපුටා දක්වමින් එම පුවත් සේවය සඳහන් කළේ. ප්‍රහාරයෙන් බලපෑමට ලක්වූ නිශ්චිත තොරතුරු මොනවාද යන්න හෝ ඊට වගකිවයුතු පාර්ශ්ව කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බව සඳහන්. මෝගන් චේස් සහ මයික්‍රොසොෆ්ට් යන සමාගම්වල පද්ධති ද මෙම මාසය තුළ බිඳවැටීම්වලට ලක්ව ඇති බව සඳහන්.
