බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගයක් කතානායකට භාර දෙයි: ප්‍රධාන චෝදනා මොනවා ද?
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාර දී තිබේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා බීබීසී සිංහල සේවයට ඒ බව තහවුරු කළේ ය. මන්ත්‍රීවරයා පැවසූ පරිදි විශ්වාසභංගයට චෝදනා දෙකක් මූලික වී තිබේ.
