2 sourcesUpdated
ගාල්ල ධීවර වරායේ මත්ස්‍ය වෙන්දේසි පොළට මුල්ගල්
රුපියල් මිලියන 224ක වියදමින් ගාල්ල ධීවර වරායේ ඉදි කරන නව මත්ස්‍ය අලෙවි සහ මත්ස්‍ය වෙන්දේසි පොළ සඳහා වූ නව ගොඩනැඟිල්ලට මුල්ගල් තැබීම ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (21) සිදු කෙරිණි.
Summary
ධීවර වරාය සංවර්ධන වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර යටිතල පහසුකම් නංවාලීම අරමුණු කර ගනිමින්, ගාල්ල සහ අම්බලන්ගොඩ ධීවර වරායන්හි සංවර්ධන ව්‍යාපෘති ද්විත්වයක ඉදිකිරීම් කටයුතු අද (21) දින නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම සංවර්ධන ව්‍යාපෘති ද්විත්වය නිමවීමත් සමඟ ගාල්ල සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල ධීවර ප්‍රජාවට මෙන්ම පාරිභෝගික ජනතාවට වඩාත් විධිමත්, සෞඛ්යාරක්ෂිත සහ නවීන පහසුකම් සපිරි වෙළඳ පරිසරයක් හිමි වනවා.
What this story is about
People
Organisations
