සංචාරය නිමා කළ රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනෙන් පිටත්ව යයි
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස අද (05) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස අද (05) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ජාත්‍යන්තර සෞඛ්‍ය) වෛද්‍ය අනිල් සමරනායක මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් ද එක්ව සිටියහ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරය තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතාවයන් සහ සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවකට ද එක්වූහ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage