2 sourcesUpdated
15%ක ක්ෂයවීම් සහනයෙන් සිදුවන රුපියල් බිලියන 120ක රාජ්‍ය ආදායම් අහිමිවීම වැළැක්වීමට අයවැයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස CMTA ඉල්ලයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන, ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිත කරන ලද වාහන ආනයනයේ දී ලබා දෙන 15% ක ක්ෂයවීම් සහනය අහෝසි කිරීම සඳහා එළඹෙන ජාතික අයවැය තුළින් තීරණාත්මක පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියි.
Summary
වාහන ආනයනය සඳහා ඒකීය සහ සාධාරණ බදු ව්‍යුහයක් ස්ථාපිත කිරීමේ පුළුල් වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම ක්ෂයවීම් සහනය අහෝසි කළ යුතු බව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) අවධාරණය කරයි. රජය එළඹෙන අයවැය සකස් කරමින් සිටින මෙම අවස්ථාවේ දී, මෙම ගැටලුව කඩිනම් අවධානයට ලක් කළ යුතු අතර තවදුරටත් කල් දැමිය නොහැකි කරුණක් බව CMTA යළිත් අවධාරණය කරයි.
What this story is about
Organisations
Places

