හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්
සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියම කළේය.

සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියම කළේය.

විත්තිකාර පූජිත් ජයසුන්දර එම ක්‍රියාව චේතනාන්විතව සිදු කර නොමැති බවටත් ඉන් පැමිණිලිකරුගේ රාජකාරියට අගතියක් සිදුව නොමැති බවටත් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා ය. ඒ අනුව, විත්තිකරුට අදාළ චෝදනා ඔප්පු වී නොමැති බැවින් ඔහු නිදහස් කරන බව පිටු තිස් හයකින් සමන්විත නඩු තීන්දුවේ සඳහන් විය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage