2 sourcesUpdated
සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කරමින් ‘සුජේ’ ඉන්දීය නෞකාව ත්‍රිකුණාමල වරායට
ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් 'සුජේ' (ICGS Sujay) නමැති මුහුදු ආරක්ෂක මුර සංචාරක නෞකාව නිල සංචාරයක් සඳහා අද (නොවැම්බර් 23) ත්‍රිකුණාමලය වරායට පැමිණියේය.
Summary
තවද, දෙරටේ වෙරළාරක්ෂක බලකායන් අතර වෘත්තීය දැණුම හුවමාරු කරගැනීම සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් ඔස්සේ පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම ද මෙම සංචාරයේ අරමුණකි. මෙම නෞකාව ත්‍රිකුණාමලය වරායේ රැඳී සිටින කාලසීමාව තුළ විශේෂ පුහුණු වැඩසටහන් සහ දෙරටේ වෙරළාරක්ෂක සාමාජිකයන් අතර සුහද ක්‍රීඩා, වෘත්තීය දැණුම හුවමාරු කරගැනීම ඇතුළු ද්විපාර්ශ්වික වැඩසටහන් රැසක් පැවැත්වීමට ද නියමිතය.
