2 sourcesUpdated
කෝපි කඩයක කැෂියර් වැඩක්වත් කර නැති පිරිසක් අද රට පාලනය කරනවා - සාගර කාරියවසම්
කෝපි කඩයක කැෂියර්වරයකු ලෙස හෝ සේවය කර නොමැති පිරිසක් රටේ ජනාධිපති හා අමාත්‍ය ධුර දරමින් සිටින බවත්, ඔවුන්ට රටක් පාලනය කරන ආකාරය පිළිබඳ අවබෝධයක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ප්‍රකාශ කළේය.
Summary
ජනතාවගේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා තහවුරු කර ඇති අත්හැරිය නොහැකි අයිතියක් බව පෙන්වා දුන් ඔහු, එම නිදහස ආරක්ෂා කිරීම සඳහා රටක පවතින ප්‍රධානතම මෙවලම නීතිය බව සඳහන් කළේය. කෙසේ වෙතත්, නිදහසින් පසු මෙරට තුළ දිගින් දිගටම පැවති ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව විසින් ජනතාවට අහිමි කරමින් සිටින බව නිරීක්ෂණය වන බවටද ඔහු චෝදනා කළේය.

