2 sourcesUpdated
සංවර්ධන ඉලක්ක කරා ශක්තිමත් ගමනකට රාජ්‍ය ප්‍රාග්ධන ආයෝජන සඳහා දැවැන්ත ප්‍රතිපාදනයක්
රාජ්‍ය ප්‍රාග්ධන ආයෝජන සදහා 2026 අයවැයෙන් රුපියල් බිලියන 1731ක් දක්වා දැවැන්ත ප්‍රතිපාදනයක් රජය මගින් වෙන් කරනු ලැබුවේ සංවර්ධන ඉලක්ක කරා නව ආර්ථික ගමනක් ආරම්භ කිරීමටයි.
Summary
රටේ ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් කිරීම සඳහා රාජ්‍ය ආයෝජන පුළුල් කිරීමේ ප්‍රවේශයක් 2026 වසරේ අයවැය තුළින් පෙන්නුම් කර තිබෙනවා. 2016 වසරේ සිට 2026 වසර දක්වා රාජ්‍ය ප්‍රාග්ධන වියදම් පිළිබඳ දත්ත විශ්ලේෂණයේදී 2026 වසර සඳහා වෙන්කර ඇති ප්‍රාග්ධන ප්‍රතිපාදනය රුපියල් බිලියන 1731ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ.
