2 sourcesUpdated
දිස්ත්‍රික්ක 13කට අකුණු අනතුරු ඇඟවීම් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
දිවයිනේ දිස්ත්‍රික්ක 13ක ප්‍රදේශ රැසකට බලපාන පරිදි අකුණු අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
Summary
අද (21) දහවල් නිකුත් කළ මෙම නිවේදනයට අනුව, අදාළ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ, ඇල්පිටිය, කරන්දෙණිය, තවලම, නාගොඩ, නියාගම, නෙළුව, බද්දේගම, බලපිටිය, බෙන්තොට, යක්කලමුල්ල සහ හික්කඩුව යන ප්‍රදේශවලට ද මෙම තත්ත්වය බලපානු ඇති බව සඳහන්.



