2 sourcesUpdated
මුදල් අමාත්‍යාංශ ලේකම් ද්විත්ව පුරවැසියෙක්ද ? ඇමති නලින්ද හෙළි කරයි
විදෙස් ණය වාරිකයන් ලෙස ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධව විවිද පාර්ශ්වයන් අදහස් දැක්වුවද මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
Summary
අද (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධව අභ්‍යන්තර පරීක්ෂණ සිදුකරනුයේ සහ අමාත්‍යාංශ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩතහනම් කර ඇත්තේද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය සහිතව බවද පැවසූ අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව පැමිණිල්ලක්ද සිදු නොවන බවද සඳහන් කළේය.

