බලශක්ති වෙළෙඳපොළේ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වා ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැලසීම රජයේ අපේක්ෂාවයි – ජනපති
බලශක්ති වෙළඳපොළ තුළ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වා ගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අපේක්ෂාව බවත්, එය ඉටුකිරීමේදී පසුගිය දෙවසර තුළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවත්, මේ වන විට ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සහ ජනතාවට බරක් නොවන බලශක්ති වෙළඳපොළක් ගොඩනැගෙමින් තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත [...]
