2 sourcesUpdated
නීතිවිරෝධීව ගෙනා චීන දුම්වැටි තොගයක් රේගුවෙන් අල්ලයි
නීතිවිරෝධීව ශ්රී ලංකාවට ගෙනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළේදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් භාරයට ගෙන තිබේ. එම දුම්වැටිවල වටිනාකම රුපියල් හැත්තෑ ලක්ෂ පනස් දහසක් වටිනා බව සඳහන් වේ.
Summary
රුපියල් හැත්තෑ ලක්ෂ පනස් දහසක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ සැකකරුවන් තිදෙනෙක් අද (27) දහවල් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස රැගෙන ආ දුම්වැටි කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, කිසිවක් ප්රකාශ කිරීමට නොමැති "හරිත මාවත" (Green Channel) ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කිරීමේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
