2 sourcesUpdated
මහකුඹුක්කඩවල අඩු ආදායම්ලාභී පවුල් 04කට නව නිවාස
පුත්තලම දිස්ත්‍රික්කයේ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් හතරක් වෙනුවෙන් ඉදිකළ නව නිවාස එම පවුල් වෙත පිරිනැමීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (30) සිදු කෙරිණි.
Summary
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් රුපියල් ලක්ෂ 10ක ප්‍රතිපාදන ලබාදෙමින් දිවයින පුරා ක්‍රියාත්මක කරන "තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" ජාතික වැඩසටහන යටතේ මෙම නිවාස ඉදිකර තිබේ. අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවාස සිහිනය යථාර්ථයක් බවට පත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
What this story is about
People
Organisations
