Trending3 sourcesUpdated
මෙරට හමුදා සහ ඉන්දීය හමුදා ඒකාබද්ධ 'මිත්‍ර ශක්ති - XII' යුද අභ්‍යාසය සාර්ථකව අවසන්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය යුද්ධ හමුදාව අතර වාර්ෂිකව පැවැත්වෙන ද්විපාර්ශ්වික ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවේ 12 වන අදියර වන 'මිත්‍ර ශක්ති - XII' යුද අභ්‍යාසය පසුගිය 13 වැනිදා සිට ඊයේ (26) දින දක්වා මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්වුණා. මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 17 දෙනෙකු සහ සෙසු නිලයන් [...]
Full coverage
Summary
අභ්‍යාස පාලන හා සහායක අංගයන් ද ඇතුළුව භටපිරිස් 650කට අධික සංඛ්‍යාවක් මෙම වැඩසටහන සඳහා දායක වූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද ඒ සඳහා සහාය ලබා දුන්නා. අභ්‍යාසයේදී බලඇණි මට්ටමේ කැරලි මර්දන මෙහෙයුම්, ගුවන් සහාය ඒකාබද්ධ කිරීම, නගරබද හා කැලෑබද සටන්, ජීව වෙඩි තැබීම්, රැක සිට පහරදීමේ මෙහෙයුම්, යුද රථ පෙළවල ආරක්ෂාව තහවුරු කිරීම සහ මහජන සාමය තහවුරු කිරිමේ මෙහෙයුම් ඇතුළු විවිධ උපක්රමික පුහුණු ක්‍රියාකාරකම් සිදු කෙරුණා.

