හිටපු ඇමතිනි චන්ද්‍රාණීට එරෙහි නඩුව යළි කැඳවීම ලබන 05 වැනිදා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු කාන්තා හා ළමා කටයුතු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 05 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ අද (26) කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී විත්තිකාරියට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඇය වෙනුවෙන් පෙනී [...]
