2 sourcesUpdated
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක තව දුරටත් රිමාන්ඩ්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලන්ඩන් සංචාරයක් සඳහා රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන පෙබරවාරි 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (11) නියෝග කළා. හිටපු ජනාධිපතිවරයා සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම [...]
Summary
හිටපු ජනාධිපතිවරයා සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩනය බලා ගොස් තිබුණේ පෞද්ගලික සංචාරයක් වශයෙන්. අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කරුණු දක්වමින් සඳහන් කරේ මෙම සංචාරය පෞද්ගලික එකක් වුවද, ඊට අදාළ වියදම් රජය වෙත පැවරීමට හිටපු ජනාධිපති ලේකම්වරයා ආධාර අනුබල දී ඇති බවයි.
More on Ranil Wickremesinghe
Other stories that mention them, newest first.
- Nov 2, 2026Wickremesinghe Warns Against UNP-SJB Alliance2 sources
- Oct 27, 2026Supreme Court Invalidates Presidential Pardon in Maintenance Case7 sources
- Oct 10, 2026Former President Explains Pardon of Gnanasara Thera4 sources
- Sep 30, 2026Court Ruling on Rajapaksa Bribery Case Set4 sources
- Sep 25, 2026Indian High Commissioner Meets Former President5 sources
- Sep 16, 2026New Chinese ambassador meets former President Ranil Wickremesinghe3 sources

