2 sourcesUpdated
සමූපාකාර ඡන්දවලට වෙච්ච සන්තෑසියම ප්‍රාදේශීය සභා අයවැයවලටත් වෙන්න පටන් ගනී! මාලිමාව පෝලිමේ පරාද වෙයි! සජබය මුල්වී අද තණමල්විල අයවැයත් පරද්දයි!
ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය අද (04) පැවැති විවෘත ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්ව තිබෙනවා. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 14ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 17ක් ලැබී තිබුණා.
Summary
මෙම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයට මන්ත්‍රී ආසන 16ක් හිමිව තිබෙන අතර ආසන 18ක් හිමිව තිබුණේ ඒකාබද්ධ විපක්ෂයටයි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගයට මන්ත්‍රී ආසන 08ක් ද පොදුජන එක්සත් පෙරමුණට ආසන 04ක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 03ක් ද එක්සත් ජාතික පක්ෂයට ආසන 02ක් ද එසේ හිමිව තිබුණා.
