2 sourcesUpdated
සියලුම පාසල් සිසුන් වෙනුවෙන් නව නීතියක් - ආයේ මෙහෙම වීඩියෝ දාන්න තහනම්
පාසල් නිල ඇඳුමින් සැරසුණු ළමුන් යොදාගනිමින් සිදුකළ විරෝධතාවයක වීඩියෝ පට සහ දරුවන්ගේ ප්‍රකාශ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම කෙරෙහි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමුව තිබේ.
Summary
අදාළ වීඩියෝ පට මගින් ළමා අයිතිවාසිකම් අවභාවිත කරමින් දරුවන් දේශපාලන අරමුණු වෙනුවෙන් ප්‍රචණ්ඩකාරී තත්ත්වයට යොමු කර ඇති බවත්, ඇතැම් මාධ්‍යවේදීන් විසින් දරුවන් ආවේගශීලී කරමින් අදහස් ලබාගෙන ඇති බවත් පෙනී යන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

