2 sourcesUpdated
ආයතනගතව සිටින දරුවන් ස්වභාවික පවුල් පරිසරයකට යොමු කිරීමට පියවර
මහනුවර දිස්ත්‍රික්කයේ දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සම්බන්ධ ගැටලු රැසක් සාකච්ඡාවට ලක් කරමින්, ආයතනගතව සිටින දරුවන් ස්වභාවික පවුල් පරිසරයක් වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට රජය පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතා ප්‍රකාශ කරයි.
Summary
මහනුවර දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන අනුකමිටු රැස්වීම මෙහෙයවමින් සහ ටිකිරි සෙවණ රජයේ භාරගැනීමේ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. 'ගුරු අභිමානී' වැඩසටහන යටතේ පෙර පාසල් ගුරුවරියන් 920 දෙනෙකුට මාසිකව රුපියල් 6,000ක දීමනාවක් ලබා දීම සිදු කෙරේ.

