2 sourcesUpdated
පලස්තීනය නීත්‍යානුකූල රාජ්‍යක් ලෙස පිළිගැනීමට බ්‍රිතාන්‍ය සූදානම්
ගාසා තීරයේ ඛේදනීයත්වය අවසන් කිරීම ඇතුලු කොන්දේසි කිහිපයකට ඊශ්‍රායලය එකඟ නොවන්නේ නම් එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේදී පලස්තීනය නීත්‍යානුකූල රාජ්‍යක් ලෙස පිළිගැනීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් පවසයි.
Summary
සටන් විරාමයකට එකඟ වීම, ද්වි-රාජ්‍ය විසඳුමක් ලබාදෙන දිගුකාලීන තිරසාර සාමයකට කැපවීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආධාර සැපයීම නැවත ආරම්භ කිරීමට ඉඩ දීම ඇතුළු අනෙකුත් කොන්දේසි ද ඊශ්‍රායලය සපුරාලිය යුතු බවට ඔහු පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. මේ අතර හමාස් සංවිධානය වහාම සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බවට සහ සටන් විරාමයකට අත්සන් කළ යුතු බව බ්‍රිතානය අග්‍රාමාතවරයා පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

