2 sources
අධිකරණයට අපහාස කළේ නැහැ - දිලිත්ගෙන් රිට් පෙත්සමක්
අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන් සම්බන්ධයෙන් කර තිබෙන නිගමනය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවිර විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම අද අභියාචනාදිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ කරන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී පෙත්සම්කාර දිලිත් ජයවීර වෙනුවෙන් පෙනී සිටි [...]
