Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeedBeta
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo shares, 15 minutes delayed
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
Card OffersTools
ENසිංதமி

Display

Text size

Contrast

HomeTrendingLatestLocalPoliticsInternationalBusinessSportsScience & TechWeatherGossipsEntertainmentEducationCrime & CourtsHealth
Sources

News Sources (30 available)

Ada Derana
Ada Derana Biz
Asian Mirror
Ceylon Today
Citizen News
Colombo Gazette
Colombo Telegraph
Daily FT
Daily Mirror
EconomyNext
ESPN Cricinfo
Examiner
Fact Crescendo
Gossip Lanka News English
Groundviews
Hiru News - English
Lanka Business Online
Lanka News Web
Lanka Truth
Mawrata News
News First
News.lk
NewsWire English
OCCRP
Siyatha News
Sri Lanka Cricket
Sri Lanka Mirror
Sunday Observer
The Island
ThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Business

2 sources·Updated Apr 15, 2026

හිසතෙල් ගැල්වීමේ මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන්

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව චාරිත්‍රානුකූලව මෙය සංවිධානය කර තිබිණි.අද (15) උදෑසන ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවයට එක් විය.ආගමික වතාවත්වලින් අනතුරුව අද උදෑසන 6.55ට යෙදුණු සුබ මොහොතින් මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස වෙත චාරිත්‍රානුකූලව හිසතෙල් ගැල්වීම සිදු කළහ.මෙහිදී මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනතාවට ආශිර්වාද පළ කරනු ලැබූහ.මේ අතර හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය වෙනුවෙන් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණ සිටි ජනතාව අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත වූ අතර ඔවුහු උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් එක් කළහ.මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන්වන පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මල්වතු, අස්ගිරි උභය විහාරයීය කාරක සංඝ සභික ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් යන මහත්වරුද, රාජ්‍ය නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share this story

Full coverage

Image: News First - සිංහලNews First - සිංහල•Apr 15, 2026හිසතෙල් ගැල්වීමේ මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන්

By News 1st

Read on News First - සිංහල

Also covered by

Gossip Lanka News•Apr 15, 2026ජනපති හිසතෙල්ගෑමේ නිල උත්සවයට එක්වෙයි

Summary

අද (15) උදෑසන ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවයට එක් විය. ආගමික වතාවත්වලින් අනතුරුව අද උදෑසන 6.55ට යෙදුණු සුබ මොහොතින් මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස වෙත චාරිත්‍රානුකූලව හිසතෙල් ගැල්වීම සිදු කළහ.

Summarised from News First - සිංහල

What this story is about

Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.

People
  • දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක
  • නියංගොඩ විජිතසිරි අනුනායක
  • Anura Kumara Dissanayake
  • වෙඬරුවේ උපාලි අනුනායක
  • එස්.බී.එස්. අභයකෝන්
  • ගමගෙදර දිසානායක
  • ප්‍රසන්න ගුණසේන
  • නලින්ද ජයතිස්ස
Organisations
  • සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය
  • ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන්
  • මහා සංඝරත්නය
Places
  • ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ
  • අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ
  • මහනුවර ඓතිහාසික දළදා මාළිගා
  • අස්ගිරි උභය විහාරයීය
  • අස්ගිරි පාර්ශ්වයේ
  • Central Province
  • මල්වතු පාර්ශ්වයේ
  • පාර්ශ්වයේ
Keywords
  • චාරිත්‍රානුකූලව
  • සහභාගිත්වයෙන්
  • හිසතෙල්ගෑමේ
  • විහාරවංශික
  • හිමිපාණන්
  • ගැල්වීමේ
  • මහෝත්සවය
  • උත්සවයට
  • එක්වෙයි
  • ජනපති

At a glance

Newsrooms
2
Articles
2
First reported
Apr 15, 9:10 AM
Latest update
Apr 15, 10:00 AM

More in Business

Business
  • OPEC+ keeps December oil output targets steady ahead of tougher call for 20272 sources·58m ago
  • Sri Lanka likely to see record fuel bill in 2026 despite declining monthly spending6 sources·4h ago
  • Government takes measures to ensure adequate goods supply during festive season - Wasantha2 sources·4h ago
  • Binance resumes bitcoin, ether withdrawals after covering bulk of stolen $6.3 billion2 sources·4h ago
  • Essential economic policies must be implemented regardless of public opinion – CBSL Governor2 sources·5h ago

Trending stories

Trending
  1. 1SLPP to Launch Island wide Village Level Meetings Starting Tomorrow - Johnston Fernando6 sources
  2. 2Warning for strong winds and rough seas issued to multi-day boats in the Bay of Bengal deep sea areas12 sources
  3. 3Missing Kudawella fishing boat and four crew members found safe after Cyclone Arnab4 sources
  4. 4South Korean national arrested at Katunayake Airport with over Rs. 49 million worth of cocaine 3 sources
  5. 5President pays last respects to veteran lawyer Lal Wijenayake12 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health